මේ කතාවේ කථානායක තමයි අපේ  10 සහෝදරයා.

මේ මෑත දවසක අපේ campus එකේ TT (Table Tenis) Tournament එකක් තිබ්බා.ඒකට පිටින් එන තරගකරුවන්ට ස්ථාන හදුනාගැනීම උදෙසා වැදගත් ස්ථාන වල පුවරු සවි කර තිබුණා.

ඉතින් අපේ 10 සහෝදරයත් මනෝ පාරකුත් ගහගෙන අපිත් එක්ක කැන්ටිමට යන ගමන් ජිම් හන්දිය(අපේ ගෘහස්ත ක්‍රීඩා ගාරය ට හැරෙන හන්දිය) ගාවදී මිනිහ එක පාරටම පාර පැනල පිහිඹිය ගහක් පැත්තට ගිහින් ඒකේ එල්ලල තිබ්බ board ලෑල්ලක් කියෝනවා.

කියවල ඉවරවෙලා අපිට කියනවා Gymnasium ලු පිහිඹිය වල විද්‍යාත්මක නාමය.:D

මිනිහට වයර් මාරු වෙලා!!! පිහිඹියා ගහේ එල්ලල තිබ්බේ එතනින් තමයි Gym එකට හැරෙන්නේ කියලා Board එකක්!!!