මේ කතාව නම් ඉස්කෝලේ කථාවක්.මගේ යාලුවෙක් හිටියා අපි මිනිහට දඩිබිඩිස් කියල කියමු :)

දඩිබිඩිස් ගේ පුරුද්ද තමා තමන් දකින හැම මගුලටම SEXY කියල ඉස්සරහට දාලා කියන එක.ඕක අපි දැනගෙන හිටියට දන්නේ නැති එවුන් හැම දාම මුගේ වැඩ වලින් bite වෙනවා.දවසක් Trip එකක් යද්දී මිනිහා ජනේලේ ලග ඉදන් කියපි මචන් SEXY එළුවා නේද කියලා.

දැන් කට්ටියම SEXY එළුවා බලන්න ජනේලෙන් එළියට ඔලු ටික දාගෙන ඉන්නවා . බලද්දී වයසට ගිය හොම්බ බිම ඇනෙන Size එකේ එළුවෙක්!!!

දැන් අපි ගමන ගිහින් එනකොට මිනිහ ජනේලෙ ලග ඉදන් කියපි මචන් SEXY Van එක නේද කියල.දැන් ආයෙත් කොල්ලෝ set එක sexy van එක බලන්න ජනේලෙන් එලියට ඔලුව දැම්මා . බලද්දී බාගෙට හද හද තියෙන මලකඩ කාපු පරණ ඩෙලිකා වෑන් කබලක් !!!